Monday, October 29, 2012

1981 රුෂ්ඩි විසින් රචනා කල midnight's children නම් නවකතාව ඔස්සේ ගොඩනැගුනු චිත්‍රපටයකි " midnight's children"...ඉන්දියාවේ දීපා මෙහෙතාගේ නිර්මාණයක් වූ මෙම චිත්‍රපටය හොර රහසේම රූගත  කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වලයි ...ඇය කල අනෙක් චිත්‍රපට සේම මෙයත් හැදින්වෙන්නේ හොලිවුඩ් චිත්‍රපටයක් ලෙසිනි."winds of change"යන අන්වර්ථ නාමයෙන් යුතුව මෙම චිත්‍රපටය රූගත කෙරින .එයට හේතුව වුයේ මුලධර්මවාදී ඉස්ලාම් සංවිධාන ඊට විරුධව නැගී සිටීමයි..................
 

Wednesday, July 11, 2012

අක්ක්‍රමවත් බස් ධාවනය නිසා ලංකාවේ රිය අනතුරු සන්ක්යව ඉහලට

නිරන්තරයෙන් ලංකාවේ දැන් දැන් රිය අනතුරු වැඩි වෙමින් පවතී එයට හේතු ගණනාවක් පවතී .නිතර මේ අනතුරු වලට ලක් වන්නේ බස් රථයි.මේවා අනතුරට ලක් වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රියදුරන් නොසැලකිලිමත් ලෙස බස් රථ ධාවනය කිරීමයි.එමෙන්ම මොවුන් බිමත්ව රිය පැදවීම ද දැන් මහත් කෙදවචකයක් වී හමාරයි .එමෙන්ම වංචා සහගත ලෙස රියදුරු පාසල් වලින් රියදුරු බලපත්‍රය ලබා දීමද මෙයට තවත් එක ප්‍රබල හේතුවකි.ලංකාවේ දවසකට රිය අනතුරු වලින් මිය යන ගණන 7 දක්වා වර්ධනය වී ඇත්තේය.ලංකාවේ රිය අනතුරු වලට එක හේතුවක් ලෙස ප්‍රමිතියෙන් තොර රථ වාහන ධාවනයේ යෙදවීමද පෙන්වා දිය හැකිය.මෙයට රජය විසින් නිසි ක්‍රියා මාර්ග ගත යුතුය.ලංකාවේ පාසල් රථ අනතුරු ගණනද දැන් වැඩි වෙමින් පවතී.මෙයට නිසි පියවර ගෙන ප්‍රමිතියෙන් යුතුව බස් රථ ධාවනයේ යෙදවීමට වග බලාගත යුතුය.එසේම අප සම  වගකීමෙන් යුතුව ලංකාවේ රිය අනතුරු වලට පිළිතුරක් සෙවිය යුතුය.ඉහත කී වැරදි අවම කර ගනිමින් ලංකාවේ රිය අනතුරු ගණන අඩු කිරීමට අප වගකීමෙන් කටයුතු කල යුතුය.

Wednesday, July 4, 2012


රිය අනතුරකින් පස්දෙනෙකු මරුට
2012 ජූනි මස 24 18:27:36 | පුෂ්පකුමාර මල්ලවආරච්චි
7Share කුරුණෑගල දම්බොක්කේදී පෞද්ගලික බසයක් හා ති‍්‍රරෝද රියක් ගැටී ති‍්‍රරෝද රියේ ගමන් කළ පස්දෙනෙකු මියගිය බව පොලිසිය කියයි

Monday, June 4, 2012

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තේරී ගී නම් ග්‍රන්ථයේ එන කිසා ගෝතමිය පිලිබදව ලියඋන පැදි පෙළකි .............

කිසා ගෝතමී
මිනිසුන් දමන ඇදිරිදු
දුක යයි කිහ ඉතිරි අත් බව
අබුවන් කිහිප දෙනකු ඇති
හිමියකට අබු වීමද
දුකක් වෙයි හද රිද්දන

වරක් දරුවන් වඩා
ඒ දුක විදිනු බැරි ගෑනු
සිඳ ගනිති තමන්ගේ ගෙල
සුකුමරියෝ වස කති.
මෝඩ ගැබ් ඇති කල
මවද දරුවාද යන දෙදෙනා
පීඩා විදිති අපමණ

වැදීමට පැමිණි කල් ඇති බව දත් ගෑනු
ලගාවන්නට පෙර ගෙවලට තමන්ගේ
මගදී වද සිය හිමියන්
මරුට බිලි කළ සැටි දනිමි මම

එවැනි ගැහැණියකගේ
දෙදරුවෝ මලෝය .
දිළිඳු සැමියාද මළේය .
දෙගුරුන් හා සොහොයුරා හා
එකම දර සෑයෙහි දැවෙනු ඈ දුටුවාය

ඉපිද හීන දිළිඳු කුල වල
ඈ විදි දුක් අපමණය
දහස් ජාතීන්හි ,ඇගේ
ඇසින් ගැලු කඳුළු මුහුදකි

ඈ සොහොන් මැද විසුවා,
සතුන්,පුතුන්ගේ මස් කනු
එහිදී දුටුවා .
පිළිකුලට ඉලක්කය වූ
පහල කුලයෙහි එලිය දුටු ඈ
දහම් එළියෙන් නිවන දැක්කා

මමද නිවනට මග වූ
අරි අටඟ මඟ ගියෙමි
නිවනද පසක් කළෙමි
දහම් කැඩපත අතින් නොහරිමි ........
මගේ යහළු යෙහෙලියනේ මේ ගැනත් මදක් සිතා බලන්න.............
*ඇසීමෙන් සිත් රිදිය හැකි උවත් ඔබ ගැන ඇත්ත කියන මිනිසුන්ගෙන් උපදෙස් ලබා ගන්න .ඔබට අවශ්‍ය දියුණුව හුදු පැසසුමෙන් පමණක් ඔබ වෙත පැමිණෙන්නේ නැත .
*ලැබීමට ඔබින එකම දායාදය ජීවන අරමුණක් සොයා ගැනීමය .එය තිබෙන්නේ හදවත තුලම මිස පිටස්තර තැන් වල නොවේ .
*ඉද හිට ඇතිවන අවාසනාව යහපත් දෙයකි.කිසිම කෙනෙකුට සම්පුර්ණ ස්වාදීනත්වයක් නැති බව එය අපිට මතක් කර දෙයි .
*ජීවිතයක වෙනසකට තුඩු දෙන වැදගත්ම සිද්ධිය බොහෝවිට උදා වන්නේ ඉතාම අනපේක්ෂිත මොහොතක හා අනපේක්ෂිත ආකාරයකින් වීම අත්බුත උවද සත්‍යකි .
*ඔබ කෙරෙහි විශ්වාශය ඇති කර ගන්න එහෙත් ඔබට කල හැක්කේ කුමක්දැයි ලෝකයට නොකියන්න.එය ක්‍රියාවෙන් පෙන්නුම් කරන්න.
*යම් පුරුද්දක් නතර කරන විට සිතෙහි හිඩැසක් ඇති වෙයි.වෙනත් ස්වරූප පුරුද්දකින් මේ හිඩැස නොපිර උව හොත් පැරණි පුරුද්ද පෙරලා පැමිණ විත් තමාගේ තැන ඉල්ලා සිටි.
*ඔබගේ දැකීම් හා සිහින ඔබගේ ආත්මයේ දරුවන් බැවින් ඒවා ආදරයෙන් මතක තබා ගන්න.ඒවා ඔබගේ අවසන් මුදුන් පමුණුවා ගැනුම් වල සැලැස්මේ පිටපත්ය.
*තනි කාරුණික ක්‍රියාවකින් තනි හදවතක් සතුටු කිරීමේ ක්‍රියාව යාච්නාවේදී කරනු ලබන හිස නැමිම් දහසකට වැඩ හොදය .
*දුක්ගැනවිල්ලක් ඇති කිසිම කෙනෙකුට ආකර්ශනීය පෞර්ෂයක්  ඇත්තෙකු විය නොහැක .
*හොදම රෝස පදුර වන්නේ නටුවේ අඩුම කටු සංක්‍යාවක් ඇති පදුර නොව හොදම රෝස මල් දරන මල් පදුරයි.

Sunday, June 3, 2012

මහින්දගේ එදා වේල සහ දේශපාලන සිහින
රටක් ලෙස අද අපි සිටින්නේ වචනෙන් කියා නිම කල නොහැකි ආර්ථික අර්බුදයකයි.එහි ප්‍රතිවිපාක දිනෙන් දින දැනෙමින් පවතින අතර ඉදිරිය ඊටත් වැඩ භයානකය. එහෙත්,ඒ සියල්ල පරයමින් දෙකොන ගිනිගත් විලක්කුවක් ලෙස අන් පසින් අප දැවෙන්නේ බලය බෙදීම හරහා ආණ්ඩුව ලෝකයට දුන් පොරොන්දු නිසාය.ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී අප රටක් ලෙස අසරණ වුඋයෙත් තවත්  අතකින් අප ජාත්‍යන්තර නෛතික ක්‍රියාවලියක මුල් පාදයේ සිරවුඋයෙත්,යුද්දයෙන් පසු ජාතීන් අතර සංහිදියාවක් ඇති කරලීමට අසමත් වූ නිසාය..........



Tuesday, May 29, 2012

Zoo Hunter (සත්තු වත්තෙ දඩයක්කාරයා ): මේ සත්තු හරි අමුතුයි අප්පා..

Zoo Hunter (සත්තු වත්තෙ දඩයක්කාරයා ): මේ සත්තු හරි අමුතුයි අප්පා..:                                             අපි ජීවත් වෙන්නෙ අමුතු සත්තු කොට්ඨාශයක් එක්ක කියල හිතෙන වෙලාවලුත් තියෙනවා ඇත්තටම මිනිස්සුන්...